වසර පුරා වෙළඳපොලේ ලබා ගත හැකි රටකජු වැඩිපුරම පරිභෝජනය කරනු ලබන්නේ සැකසූ නිෂ්පාදන ලෙසයි. එය සතු ඉහළ පෝෂණ ගුණය සහ බැදීමෙන් හෝ තම්බා ගැනීමෙන් පසුව එන ප්‍රසන්න රසය නිසා ලොව පුරා රට කජු ඉතා ජනප්‍රිය ආහාරයකි. විවිධ ආකාර වලින් රටකජු වෙළදපොලේ පවතින අතර ඒවා පැකට් කළ, ටින් කළ සහ වාතය රහිත ඇසුරුම්වල ඇසිරූ රට කජු ලෙසද තොග බඳුන්වල ගබඩා කර ඇති රට කජු ද තිබේ. රටකජු ස්නැක්ස් ප්‍රධාන වශයෙන් සකස් කරනු ලබන්නේ රටකජු මදය කබලේ බැදීමෙන් පසුවයි. සීනි/පැණි හෝ ලුණු සහ මිරිස් එක් කිරීම හෝ තෙල් යොදා තෙම්පරාදු කිරීම රුචිකත්වය අනුව සිදු කරයි. පොදුවේ ගත් කල රටකජු භාවිතයෙන් තෙල් නිපදවීම, බටර් නිපදවීම, සුලු කෑමක් ලෙස (බදින ලද රටකජු සහ සුලු කෑම බාර්) සහ සංවර්ධිත රටවල රසකැවිලි නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යක් ලෙස ද රටකජු භාවිතා කරයි.
රටකජු වල පෝෂණ
පැතිකඩ
රනිල
කුලයේ අනෙකුත් ඇට වර්ග හා සසදන කළ රටකජු යනු සැලකිය යුතු මේද, ප්‍රෝටීන,කාබෝහයිඩ්‍රේට්,මේද ද්‍රාව්‍ය සහ ජලයේ ද්‍රාව්‍ය විටමින්,ඛනිජ,
ෆයිටොකෙමිකල් සහ තන්තු වලින් පොහොසත් විශිෂ්ඨ පෝෂණ ප්‍රහවයකි. මෙහි
අඩංගු ප්‍රෝටීන් ශාක පදනම් කරගත් ඒවා වේ. එසේම මෙහි
වන මේදය අසංතෘප්ත වන අතර සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් තන්තු වේ. ඒවා සියල්ලම මිනිස්
පෝෂණය සඳහා වඩාත් සුදුසු බව ඔප්පු වී ඇත. රටකජු වල පෝෂක ඛාණ්ඩ පහත පරිදි දැක්විය හැක. ඇමරිකානු
කෘශි දෙපාර්ත්මේන්තුවේ, ජාතික පෝෂක දත්ත සමුදායට අනුව බදින ලද ලුණු රහිත රටකජු 100g ක,ජලය 1.55g, කාබෝහයිඩ්‍රේට්
21.51g, තන්තු 8.0g, මේදය 49.66g,
ප්‍රෝටීන් 23.68g, ශක්තිය 2448kJ (585kcal) ක්ද ලෙස
අන්තර්ගත වේ.
රටකජු වල අඩංගු
ප්‍රෝටීන
ආහාර
ප්‍රෝටීනයක පෝෂණ අගය තීරණය වන්නේ එහි වන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අන්තර්ගතය සහ එය
සතු ජීර්ණ හැකියාව අනුවයි. රටකජු වල ඇමයිනෝ
අම්ල 20ක්
පමණ අඩංගු වන අතර ආර්ජිනින් ඉන් ප්‍රධාන වේ.
රටකජු වල පොදු ඇමයිනෝඅම්ල වන්නේ මෙතියොනීන් සහ සිස්ටීන්
වැනි සල්ෆර් අඩංගු ඇමයිනෝ අම්ලවේ. රටකජු
නිෂ්පාදන හා ධාන්‍යමය ආහාර සංයෝජනය කිරීමෙන් එම ආහාරය මෙතියොනීන් සහ සිස්ටීන්
වලින් පොහොසත් කර ගත හැක. එබැවින්,
සත්ත්ව ආහාර වලින් තොර නිර්මාංශිකයින් රටකජු වැනි ප්‍රෝටීන බහුල විකල්ප ශාක ප්‍රභවයන් ආහාරයට
එක්කර ගැනීම වැදගත්වේ.
රටකජු වල අඩංගු
මේදය
රටකජු වල
මේදය 50%
ක් පමණ අඩංගු වේ. එසේම ග්‍රෑම් එකකට කැලරි 9
බැගින්, ධාන්‍යමය
ආහාරවලට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් එහි අන්තර්ගතවේ. ඇමරිකානු
රටකජු කවුන්සිලයට අනුව,
රටකජු වල අඩංගු මේදයෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් අසංතෘප්ත මේද අම්ල වන මොනොඅන්සැචුරේටඩ්
මේද අම්ල (MUFA) වන අතර පොලිඅන්සැචුරේටඩ්
මේද අම්ල (PUFA) සහ
සාපේක්ෂව ඉතා කුඩා ප්‍රමාණයකින් සංතෘප්ත මේද අම්ල (Saturated Fat) ද අඩංගු වේ. මොනොඅන්සැචුරේටඩ් මේද අම්ල(MUFA)
හෘද හිතකාමී මේද අම්ල සංයෝගයක් වන අතර එහි ඇති පහසුවෙන් කැඩී යා හැකි තනි අසංතෘප්ත
හයිඩ්‍රජන් බන්ධනය හේතුවෙන් පහසුවෙන් ජීර්ණය වේ.
රටකජු හෝ සැකසූ රටකජු පරිභෝජනය සෞඛ්‍යයට හිතකර බව පෙන්වා
දී ඇත්තේ ඔවුන්ගේ මෙම ලිපිඩ නිසාවෙනි. එසේම රටකජු වල ස්වභාවිකව සංක්‍රාන්ති මේද (Trans Fat) හා කොලෙස්ටරෝල් රහිතවේ.
රටකජු වල අඩංගු
පිෂ්ඨය
රටකජු වල සංයුතියේ පිෂ්ඨය ප්‍රධාන වන නමුත් සුක්‍රෝස් සාපේක්ශව සුළු ප්‍රමාණයක් පවතී. රටකජු වල අඩු ග්ලයිසමික් දර්ශකයක් (GI) සහ ග්ලයිසමික් ලෝඩ් (GL) ඇති වීමට මෙය දායක විය හැකිය.ඇමරිකානු දියවැඩියා සංගමය රටකජු දියවැඩියාව සදහා වඩාත් සුදුසු ආහාර ලෙස ශ්‍රේණිගත කරන්නේ මේ හේතුවෙනි. මෙහිදී රටකජු වල අඩංගු මැග්නීසියම්, තන්තු සහ හෘදයට හිතකර තෙල් මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය වීමක් සිදුවේ. එසේ රටකජු පරිභෝජනය තුලින් සෑම වයස් කාණ්ඩයකම, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම දියවැඩියාව ඇතිවීමේ අවදානම හතරෙන් එකකින් අඩු වී ඇති බවට පරීක්ෂණ වාර්තා මගින් පෙන්නුම් කරයි.
රටකජු පරිභෝජනයෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි
දෛනික පෝෂණය හැරුණු විට රටකජු පරිභෝජනය තුළින් ලබා දෙන දිගු කාලීන සෞඛ්‍යය ප්‍රතිලාභ රාශියකි. එහි අඩංගු සමබර පෝෂක සංයුතිය මේ සදහා හේතුවෙයි.
✅රටකජු වල අඩංගු ලිපිඩ, ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට මගින් ශක්තිය සපයනවාට අමතරව ශරීරයේ මාංශ පේශි සෑදීම වැනි සාමාන්‍ය ශරීරික ක්‍රියාවන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යද සපයයි.
✅මෙහි අඩංගු විටමින්, ඛනිජ ලවණ හා සෞඛ්‍යයට හිතකර වන ෆයිටොකෙමිකල්ස් මගින් සාමාන්‍ය සෛල ක්‍රියාකාරිත්වය, වර්ධනය, සංවර්ධනය, රෝග වැළැක්වීම, ශක්තිය නිපදවීම සහ සහ-එන්සයිම ලෙස ක්‍රියා කිරීමාදිය සිදුවේ.
✅රටකජු වල ඇති තන්තු ප්‍රධාන වශයෙන් ජලයේ දිය නොවන අතර ජලයේ දිය වන තන්තු ඇත්තේ අඩු ප්‍රමාණයකි. මෙම ද්‍රාව්‍ය තන්තු කුඩා ප්‍රමාණය මගින් සමහර ඛනිජවල අවශෝෂණය වැඩි දියුණු කළ හැකි බව පර්‍යේෂණ වලින් වාර්තා වෙයි.
✅රටකජු වල අන්තර්ගත අධික පෝෂ්‍ය පදාර්ථ නිසාත් දැරිය හැකි මිල ගණනකට ලබා ගැනීමට හැකි නිසාත් ඒවා බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල මන්දපෝෂණයට එරෙහිව සටන් කිරීමට ද භාවිතා කරයි.
✅අඩු මේද ආහාර සමඟ සසඳන කළ රටකජු නිෂ්පාදන (බටර් සහ තෙල්) හෘද සෞඛ්‍යයට වඩාත් ප්‍රයෝජනවත් වේ.
👉ඉහත සදහන් කළ පරිදි රටකජු වල පවතින ඉහළ මොනොඅන්සැචුරේඩටඩ් මේද(MUFA) ප්‍රමාණය මගින් මුළු ශරීර කොලෙස්ටරෝල් (Total Cholesterol) 11% කින් සහ නරක (LDL) කොලෙස්ටරෝල් 14% කින් අඩු කරන අතර අතර හොඳ (HDL) කොලෙස්ටරෝල් මට්ටම ප්‍රශස්ත ලෙස පත්වාගැනීමටත් ට්‍රයිග්ලිසරයිඩ මට්ටම අඩු කිරීමත් සිදු කරනු ලැබේ.
👉බොහෝ අධ්‍යයනයන්හි දී ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු අනුව එහිදී සමස්ත කොලෙස්ටරෝල් මට්ටමද අඩු කරනු ලැබේ.
👉රුධිර නාල තුල ඇති නරක (LDL) කොලෙස්ටරෝල් ඔක්සිකරණය කර ඉවත්කිරීම මගින් ධමනි පිරිසිදු කිරීම ප්‍රවර්ධනය කරන අතර එමඟින් රුධිරය ගලා යන ධමනි සිහින් වීම හරහා හෘදයාබාධ හෝ ආඝාතය වැනි තත්වයන් ඇතිවීමේ අවදානම අඩු කර හෘද ආරක්ෂණ බලපෑමක් ද ඇති කරයි.
✅රටකජු වල අඩංගු වන මෙම මේද අම්ල, රටකජු ප්‍රෝටීන් වල එන්සයිමීය ජල විච්ඡේදනය හේතුවෙන් ඇතිවන ඵල සහ එහි අඩංගු මැග්නීසියම්, පොටෑසියම් වැනි ඛනිජ ලවණත් අනෙකුත් ජෛව ක්‍රියාකාරී සංරචකත් හේතුවෙන් අධි රුධිර පීඩනය පාලනය කිරීමට හැකියාවක්ද ඇත.
✅ඒ අනුව ගත් කළ මේ හරහා පරිවෘත්තීය සින්ඩ්‍රෝම් (Metabolic Syndrome) අවදානම අඩු වීමක් ද සිදුවන බව දැකිය හැක.
✅එසේම රටකජු පරිභෝජනය තුළින් පිත්තාශයේ රෝග ඇතිවීමේ අවදානම අවම කර ගත හැකි බව සැලකේ.
✅මීට අමතරව පිළිකා මැඩ පවත්වා ගැනීම සඳහා ද රටකජු වල ඇති සෞඛ්‍ය සම්පන්න මේදය, ප්‍රෝටීන සහ තන්තු වලට අමතරව අනෙකුත් ෆයිටොකෙමිකල්ස් උදාහරණ ලෙස පොලිෆෙනෝල් (ෆීනලික් අම්ල, ෆ්ලේවනොයිඩ්, ඒ-වර්ගයේ ප්‍රෝසියානයිඩින්, පී-කූමරික් අම්ලය) ෆයිටොස්ටෙරෝල්, රෙස්වෙටරෝල් ද උපකාරී වෙයි.
👉මෙම සංයෝග නිදහස් මුක්තඛණ්ඩක උදාසීන කරීමේ හැකියවෙන් යුක්ත වෙයි.
👉එම ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල සෑදීමට තුඩු දෙන යාන්ත්‍රණය සමඟ සම්බන්ධ වී පිළිකා අවදානම අඩු කරයි.
👉විශේෂයෙන් බඩවැල් සහ පියයුරු, පෙනහළු , පුරස්ථි ග්‍රන්ති පිළිකා ඇති වීම අවම කිරීමේ ඉහළ හැකියාවක් පවතින බවට පරීක්ෂණ වාර්තා පෙන්නුම් කරයි.
✅රටකජු වල වැඩි පරිභෝජනය විශේෂයෙන් පිළිකා රෝගීන්ගේ ශරීරය තුළ ප්‍රදාහ තත්වයද සමනය කරයි.
✅මේවා මගින් වර්ධනය වන පිළිකා සඳහා රුධිර සැපයුම කපා හැරීමට සහ පිළිකා සෛල වර්ධනයට බාධා කරන බව පෙන්වා දී ඇත.
✅ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ස්නායු පරිහානියේ රෝග සඳහාද රෙස්වෙටරෝල් ප්‍රයෝජනවත් බව හඳුනාගෙන ඇත.
✅එසේම රටකජු පොතු වලද ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ අඩංගු වන බව වාර්තාවේ. රටකජු පොතු සමඟ පරිභෝජනය කරන විට, ඒවායේ ප්‍රතිඔක්සිකාරක ධාරිතාව දෙගුණ වන අතර බැදීමෙන් ඇතැම් විට මෙම ධාරිතාවය තවදුරටත් වැඩි කළ හැකි බව සටහන් වී ඇත.
✅රටකජු වල ඇති ෆයිටොස්ටෙරෝල් ශරීරයේ ඇති කොලෙස්ටරෝල් වලට සමාන වේ.
👉ෆයිටොස්ටෙරෝල් මගින් කොලෙස්ටරෝල් නිෂ්පාදනයට බාධා කිරීම සහ බඩවැල් බිත්තියේ කොලෙස්ටරෝල් ප්‍රතිග්‍රාහක ස්ථාන සඳහා තරඟ කිරීම මගින් රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.
👉එහි ප්‍රතිඵලයක් ලෙස කොලෙස්ටරෝල් අවශෝෂණය අවහිර වන අතර රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු වේ.
👉😋😋රටකජු, රටකජු බටර්, රටකජු පිටි සහ රටකජු තෙල් සියල්ලම ආහාරයෙන් කොලෙස්ටරෝල් අවශෝෂණය වීම වළක්වන ෆයිටොස්ටෙරෝල් වලින් පිරී ඇත.
✅රටකජු ශාකයේ සියලුම කොටස්වල ෆ්ලේවනොයිඩ්ස් ඇත. ෆ්ලේවනොයිඩ්ස් අධික ලෙස ආහාරයට ගැනීමෙන් අනතුරුව ඇතිවන විවිධ යාන්ත්‍රණ මගින් හෘද රෝග හා පිළිකා වලින් ආරක්ෂා වේ යැයි සැලකේ.
✅මෑත අධ්‍යයනයකින් අනතුරු අඟවා ඇත්තේ රටකජු වල මේද ද්‍රාව්‍ය විටමින් A,D,E සහ K අඩංගු වෙයි.
👉😎විටමින් A හොඳ පෙනීමක් සදහාත්,
👉😃විටමින් D, Ca අවශෝෂණය සඳහා ආධාරක ලෙසත්,
😃සෛල පටල ආරක්ෂා කිරීම සඳහාප්‍රතිඔක්සිකාරකයක් ලෙසත් ක්‍රියා කරයි.
👉😊විටමින් K රුධිර කැටි ගැසීම ප්‍රවර්ධනය කරයි.
👉රටකජු විටමින් E හි විශිෂ්ට ආහාර ප්‍රභවයක් වන අතර එය විවිධ ආකාරවලින් පරිභෝජනය කළ හැකිය.
😓😊මෙම විටමින් E ඇල්සයිමර් රෝගයෙන් සහ වයස්ගත සංජානන පරිහානියෙන් ආරක්ෂා වන බව පෙන්වා දී ඇත.
✅වෙනත් ඇට වර්ග හා සසඳන විට රටකජු වල ඉහළම ටොකෝෆෙරෝල් (Vitamin E)ප්‍රමාණයක් අඩංගුවේ. බිවිටමින් අතර B1 (තයමින්), B2 (රයිබොෆ්ලැවින්), B3 (නියාසින්), B5 (පෑන්-ටොතනික් අම්ලය), B6 (පිරිඩොක්සීන්), B8 (බයෝටින්), B9 (ෆෝලික් අම්ලය), B12 සයනොකොබලමයින්) සහ B4( choline).
👉💚තයමින් යනු එන්සයිමයක කොටසක් වන අතර එය පූර්ව පරිවෘත්තීය අවශ්‍ය වන අතර එය ස්නායු හා මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත් වේ.
👉💗රයිබොෆ්ලැවින් මේද, කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන වල පරිවෘත්තීය ක්‍රියාවලියට විශාල කාර්යභාරයක් ඉටු කරයි.
👉💛 නැසින් (බී 3) සහ තයමින් ආහාර ජීර්ණ පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය, සම, ස්නායු සහ ආහාර පරිවර්තන ඇඟලුම් හා හෘද, මාංශ පේශි සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා හේතු වේ.
👉💙අධ්‍යනවලින් පෙන්නුම් කරන්නේ ප්‍රමාණවත් ෆෝලේට් ඇති පුද්ගලයින් හෘද වාහිනී රෝග අඩු මට්ටමක පවතින බවයි.
👉💜පැන්ටොතනික් අම්ලය පරිවෘත්තීය හා මේද අම්ල සංශ්ලේෂණයට උපකාරී වේ.
✅ළදරු හා ගර්භනී අවධියේදී, සෛල නිෂ්පාදනය හා නඩත්තු කිරීමේදී විශේෂයෙන් වැදගත් වන ෆෝලේට් ප්‍රමාණයක් රටකජු වල අඩංගු වේ.
✅ශාක පදනම් කරගත් සහ සත්ත්ව ආහාර වලින් තොර ආහාර වේලට කැමති පුද්ගලයින් මොළයේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් වන කොලීන් හි අඩංගු ධාන්‍ය වර්ග, පලතුරු, එළවළු සහ රනිල කුලයට අයත් බෝග වල කෝලීන් අඩු බැවින් රටකජු සහ රටකජු වලින් ලබාගත් නිෂ්පාදන නිර්මාංශිකයින්ට, විශේෂයෙන් සත්ත්ව ආහාර වලින් තොර අයට කොලීන් වල වටිනා ප්‍රභවයක් වන බවයි.
✅රටකජු වල තඹ, මැන්ගනීස්, යකඩ, පොස්පරස්, මැග්නීසියම් ප්‍රමාණය ප්‍රදාහය අඩු කිරීම හා සම්බන්ධ වී ඇති බව පැහැදිලි වේ.
✅විටමින් ඊ සහ බී විටමින් තාපයට ඉතා සංවේදී වන අතර බැදීමේදී අහිමි විය හැක. එය රදා පවතිනන්නේ බැදීමේදී යොදන තාපය සහ කාලය මතයි.
✅අනෙක් අතට විටමින් බී 2 (රයිබොෆ්ලැවින්) ස්ථායී ඉහළ උෂ්ණත්වයක් සහ අම්ල ද්‍රාවණ වලට ස්තායී නමුත් පාරජම්බුල කිරණ සහ ක්ෂාරීය ද්‍රාවණ වලට සංවේදී වේ.
💥මේ අනුව, රටකජු පුලුස්සා ගැනීමෙන් රයිබොෆ්ලැවින් විනාශ නොවිය හැක, කෙසේ වෙතත් දිගු කාලයක් පුරා ආලෝකයට නිරාවරණය වන විට එය නැති වී යා හැකිය.
✅විටමින් බී 3 (නියාසින්) වඩාත්ම ස්ථායී වේ. රටකජු වල විටමින් අතර නියාසින් තාප ප්‍රතිරෝධී බට්කන් වාතය සහ ආලෝකය මගින් විනාශ කරයි.
✅පිරිඩොක්සීන් (විටමින් බී 6) අම්ල ද්‍රාවණයක ස්ථායී වන අතර එය ඉක්මනින් ආලෝකය මගින් විනාශ කළ හැකිය.
✅එහි පවතින ඉහළ ඔලෙයික් අම්ල අන්තර්ගතය ජෛව විද්‍යාත්මක වාසි රැසක් ගෙන දෙයි.
✅කුසගින්න පාලනය කිරීම සම්බන්ධ පර්යේෂණ දත්ත වලට අනුව රටකජු සහ රටකජු බටර් පරිභෝජනය පාන්,කේක්, බනිස් වර්ග වැනි කාබෝහයිඩ්‍රේට් බහුල් සුලු ආහාරවලට වඩා ඉක්මනින් තෘප්තියක්(earlysatiety) ඇති කරමින් කුසගින්න මැඩපවත්වා (control hunger) ඇති බවයි.
💥එම නිසා රටකජු , දීර්ඝකාලීනව ආහාරයට ගැනීමෙන් අඩු ශරීර ස්කන්ධ දර්ශකයක් (BMI) පවත්වා ගැනීමට හැකිවන බවත් තහවුරු වී ඇත.
💥💪සිරුරේ බර අඩු කිරීමේදීත්, දිගු කාලීන බර නඩත්තු කිරීමේදීත් කාලීන බර නඩත්තු කිරීමේදීත් රටකජු, රටකජු බටර් සහ රටකජු තෙල් ඇතුළත් ආහාර වර්ග ආහාරයට ගනීමේ හැකියාවක් පවතී.
රටකජු ආශ්‍රිත අසාත්මිකතා
💥👎👎රටකජු ප්‍රෝටීන සැලකිය යුතු පෝෂණ හා සෞඛ්‍යමය ප්‍රතිලාභයක් නියෝජනය කළද, ඒවා පරිභෝජනය කරන පුද්ගලයන්ට දරුණු හා මාරාන්තික අසාත්මිකතා ප්‍රතික්‍රියා ඇති කරයි.
👉👎රටකජු ආසාත්මිකතා වඩාත් දරුණු ආහාර අසාත්මිකතාවන් ලෙස හැඳින්වෙන්නේ එහි පැතිරීම, නොනැසී පැවතීම සහ අසාත්මිකතා ප්‍රතික්‍රියා වල බරපතලකම නිසාය.
👉👎රටකජු ආසාත්මිකතාව ආහාර ආසාත්මිකතාවයෙන් 59% ක් පමණ මරණයට පත් වේ.
👉👎සුළු ප්‍රමාණයක් ශරීරගත කිරීමෙන් වමනය, පාචනය, ආමාශ ආන්ත්‍රයික අපහසුතා, සම මත පලු දැමීම, ඇන්ජියෝඩීමා (තොල් ඉදිමීම, මුහුණ, උගුර සහ සමේ ඉදිමීම) ආදියත් සමහර අවස්ථාවල දරුණු අසාත්මිකතා සහ ඇනෆිලැක්සිස් හේතුවෙන් මරණය පවා සිදු විය හැක.
💥රටකජු වල තාප සැකසුම් අසාත්මිකතා ගුණ වැඩි කරන බව වාර්තා විය.
❌මෙතෙක් රටකජු වලට ආසාත්මිකතා ඇති අය සඳහා හොඳම ආරක්ෂිත ක්‍රමය වන්නේ ඉන් වැළැකී සිටීමයි.
👉👎ඇප්ලැටොක්සින් නිපදවිය හැකි ඇස්පර්ගිලස් ෆ්ලේවස් නම් දිලීර විශේෂයෙන් රටකජු නිතරම දූෂණය වේ.
👉රටකජු ආහාර ප්‍රවාහනය කිරීමේදී හෝ ගබඩා කිරීමේදී මෙම ආසාදනය ඇතිවිය හැකිය.
👉ඇෆ්ලාටොක්සින් අධික ලෙස විෂ සහිත වන අතර ආහාර සුරක්‍ෂිතතාවයේ සැලකිලිමත් වන පිළිකා කාරක ද්විතියික පරිවෘත්තීය වේ රටකජු බෝග ක්ෂේත්‍රවල මෙන්ම ගබඩාවල ද දිලීර වර්ධනය හා මයිෙකොටොක්සින් දූෂණය සඳහා ප්‍රශස්ත තත්වයන් නිරන්තරයෙන් සිදුවන බව මෙයින් පිළිබිඹු වේ.
💢එබැවින් රටකජු ආහාරය සඳහා කල් තබා ගැනීමේ ක්‍රම දියුණු කිරීම වැදගත් ය.
✍️ චංචලී හිමාෂිකා
ආහාර හා පෝෂණවේදිනී
Stay Nourished- සුවැති දිවියකට පෝෂණීය මඟ


0 Comments