Contact

 සුවපත් ජීවිතයක් උදෙසා නිවැරදි ජීවන රටාවකට හුරු වෙමු


මිනිසෙකු වීම උතුම් ය. එසේ මිනිසෙකු ලෙස ලඳ ජීවිතය සෞඛ්‍ය සම්පන්නව ගත කළ හැකි නම් එය පුදුම සහගත තරම් වටිනේය. ඔබට කිසියම් රෝගයක් වැළඳුන හොත් එයට ඔබේ ජීවිත කාලය පුරාවටම ඔබව පීඩා කළ හැකිය. සැබැවින්ම එය ශාපයක් වනු ඇත. එය නිතැතින් ඔබව කායික, මානසික, සමාජ හා ආර්ථික වශයෙන් පහළට ඇඳ දමනු ඇත. බෝ නොවන රෝග (NCDs) යනු මෙසේ මිනිසුන් ශාරීරිකව, මානසිකව, සමාජීය සහ ආර්ථික වශයෙන් පහත හෙළීමට හැකි නිහඬ සතුරන්ය.

මෙම NCDs පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය නොවන අතර ඒ සඳහා බෝවන රෝග වාහකයන් නොමැත. මේවා දිගු කාලීන රෝග තත්වයන් වන අතර නිහ ඝාතකයින් (Silent Killer) ලෙස හඳුන්වන්නේ. මේවා ජානමය, භෞතික විද්‍යාත්මක, පාරිසරික, චර්යාත්මක යන සාධකයන්ගේ එකතුවක ප්‍රතිඵල ලෙස හට ගන්නා අතර නිවැරදි නොවූ ආහාර පුරුදු ද මේ සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි. බෝ නොවන රෝග ලෙස හෘද වාහිනී රෝග (හෘදයාබාධ හා අංශභාගය වැනි), පිළිකා, දියවැඩියාව සහ නිදන්ගත වකුගඩු රෝග දැක්විය හැක.

මෙම බෝ නොවන රෝග සාමාන්‍යයෙන් වයස්ගත පුද්ගලයින් සමඟ සම්බන්ධ වනමුත් සියලුම වයස් මට්ටම් වල පුද්ගලයින් සඳහා මෙම NCDs ඇතිවීමේ අවදානමක් ඇත. කෙසේ වෙතත්, බෝ නොවන රෝග වලින් කෙනෙකුගේ ආයු අපේක්ෂාව කෙටි කරයි. එසේම මෙම NCDs ඔබ සීමා ක ඔබේ සතුට ඔබෙන් උදුරා ගනී.

තරබාරුNCDs ආශ්‍රිතව ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. මෙම රෝග එකිනෙකා සමඟ සම්බන්ධ වේ. එක් පුද්ගලයෙකුට මෙම රෝග වලින් එකකට වඩා ඇති විය හැකිය. මෙය වළක්වා ගැනීම අත්‍යාවශ්‍ය වන්නේ එබැවිනි. ඒ සඳහා ඔබේ ජීවිතය නිවැරදි ලෙස හැඩගස්වා ගන්න වඩාත් නිවැරදි සහ අළුත් වූ පෝෂණ තතු අප ඔබ වෙත ලබා දෙන්නෙමු. රැදී සිටින්න අප සමඟ. ඔබට සුවපත් දිවියක්!

E mail: snourished@gmail.com

Phone: 0702055026

WhatsApp: 0711784405

Face book : 

Stay Nourished - සුවැති දිවියකට පෝෂණීය මඟ

✍️ චංචලී හිමාෂිකා

ආහාර හා පෝෂණවේදිනී

(BSc. Food Science & Nutrition) 

Stay Nourished- සුවැති දිවියකට පෝෂණීය මඟ

The Nutritious way for a Healthier Life
🤸⛹️🚴👨‍👩‍👧‍👦👨‍👩‍👧💪☝️🚴⛹️🤸 

 

     

Post a Comment

0 Comments