සෙම්ප්‍රතිශ්‍යාව යනු ශ්වසන පද්ධතියේ
ඉහළ කොටස ආශ්‍රිතව ඇතිවන වෛරස් ආසාදනය තත්ත්වයක් ලෙස හඳුන්වා දිය හැක. ක්‍රමයෙන් උත්සන්න වන
රෝග ලක්ෂණ හමුවේ ශ්වසන පද්ධතියේ පහළ කොටස් කෙරෙහි ද බලපෑම් ඇති කළ හැකි සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන්,
නාසික තදබදය, නාසයෙන් සොටු
දියර ගැලීම සහ උගුර කැසීම හෝ
රිදීම ආදිය ඇති කරයි. සිය ජීවිත
කාලය තුළ එක් වරක් හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැළදී නොමැති අයෙකු සොයා ගැනීමට නොමැති අතර
සෙම්ප්‍රතිශ්‍යාවෙහි මෙම ලාක්ෂණික රෝග ලක්ෂණ සංකීර්ණය සියලුම වැඩිහිටියන්ට හොඳින් හුරුපුරුදුය.
මිනිස් රෝග සඳහා වඩාත් පොදු හේතුවක් ලෙස සෙම්ප්‍රතිශ්‍යාව
දැක්විය හැකි අතර පාසලේ සහ රැකියා ස්තානයේ
සිදුවන සැළකිය යුතු නොපැමිණීම් සඳහා මෙම සෙම්ප්‍රතිශ්‍යාව
බොහෝ දුරට හේතු වේ.
බොහෝ වයිරස
වලට ප්‍රතිශක්තිය තවමත් ලබාගෙන නොමැති නිසාත්, සනීපාරක්ෂාව පිළිබඳ දුර්වල පුරුදු ඇති
නිසාත්, වෛරස් බැහැර
කරන වෙනත් දරුවන් සමඟ නිතර කිට්ටු සම්බන්ධතා ඇති නිසාත් පාසල් ළමුන් නිරන්තරයෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැළදීමේ
අවදානමට ලක් වේ.
සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත්
විටමින් C වල ක්‍රියාකාරිත්වය
ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍යායතනයේ
දත්ත අනුව දිනකට 2000 mg ට වඩා අඩු මාත්‍රාවකින් විටමින් C භාවිතා කිරීම සාමාන්‍ය
වැඩුන පුද්ගලයෙකුට ආරක්ෂිත වෙයි. නැවුම් පළතුරු හා එළවළු, විශේෂයෙන් පැඟිරි පළතුරු
වන දෙහි, දොඩම්, ලෙමන් වැනි
ආහාරමය ප්‍රභවයන් පරිභෝජනය මගින් සැළකිය යුතු විටමින් C ප්‍රමාණයක් ශරීරයට
ලබා ගත හැක.
සෙම්ප්‍රතිශ්‍යාව
වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා විටමින් C අතිරේකය
විටමින් C ඉහත දැක්වූ පරිදි ඔක්සිකාරක ගුණාංග සහ ප්‍රතිශක්තිය
නගා සිටුවීමේ හැකියාවෙන් හෙබි වුවද, සෙම්ප්‍රතිශ්‍යාව වැළැක්වීම සහ ඒ සඳහා ප්‍රතිකාර
ලෙස භාවිතය පිළිබඳ මතබේදයට තුඩු දුන් ගැටුම්කාරී කාරණා රාශියක් පවතී. එබැවින් විටමින් C මගින් සෙම්ප්‍රතිශ්‍යාව වැළැක්වීම, ප්‍රතිකාර කිරීම
හා එහි ක්‍රියාකාරිත්වය අතර සම්බන්ධතාවය
පිළිබඳ වර්තමානයේ සිදු කරන ලද පරීක්ශන වාර්තා කිහිපයක දත්ත සමාලෝචනයක් පහත දැක්වේ.
මෙහිදී එක් එක් පරීක්ෂණ වලදී විවිධ පුද්ගල
කොට්ටාශ සඳහා විවිධ මාත්‍රා වලින් ව්ටමින් C අතිරේකය ලබා දෙමින් පරීක්ෂණ මෙහෙයවා ඇති
අතර, ඒ අනුව සාමාන්‍ය ජනතාව තුලදී මෙම විටමින් C අතිරේකය දිනපතා ලබා ගැනීම මගින් සෙම්ප්‍රතිශ්‍යාව
වැළඳෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාවට සැළකිය යුතු බලපෑමක් සිදු වී නොමැති බව තහවුරු කර
ඇත. නමුත්, අධික ශාරීරික ආතතියෙන් පෙළෙන පුද්ගලයින් ලෙස සැළකෙන මැරතන් ධාවකයන්, සර්කීස් කරුවන් සහ සොල්දාදුවන් හට
මෙම විටමින් C අතිරේකය දිනපතා ලබා
ගැනීම මගින් සෙම්ප්‍රතිශ්‍යාව වැළදීම 50% කින් අඩු වී ඇති බව ද එහිදී සනාත කර ඇත.
තවද, මෙම විටමින් C නිතිපතා භාවිතා
කරන සාමාන්‍ය ජනතාව තුළ සෙම්ප්‍රතිශ්‍යාව වැළදීම වළක්වා ගැනීම කෙරෙහි සැළකිය
යුතු බලපෑමක් නොමැති නමුත් සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පවතින
කාලසීමාවේදී රෝගී තත්වයේ බරපතලකම සහ රෝග ලක්ෂණ පවතින කාලසීමාව උදෙසා විටමින් C අතිරේකය ලබා දීමෙන්
යම් සහනයක් ලබා ගත හැකි බවත් ඇතැම් පර්‍යේෂණය වලින් පෙන්වා දී ඇත.
එසේම, මෙම විටමින් C ප්‍රතිකාරය තුලින් සෙම්ප්‍රතිශ්‍යාවේ
රෝග ලක්ෂණ වල බරපතල බව හා කාලසීමාව සඳහා ප්‍රතිලාභ ලැබීමට නම් දින 5 කට නොඅඩු කාලයක්
අඛණ්ඩව මෙම විටමින් C අතිරේකය ලබා
ගත යුතු බවත්, රෝග ලක්ෂණ ආරම්භයේ සිට පැය 24 ක් ඇතුළත මෙම විටමින් C අතිරේකය ලබා ගැනීම
ආරම්භ කළ යුතු බවත්, රෝගයේ පළමු හෝ
දෙවන දිනෙන් පසුව මෙම විටමින් C අතිරේකය ලබා
ගැනීමෙන් රෝග ලක්ෂණ අඩු කිරීමක් හෝ සෙම්ප්‍රතිශ්‍යා කාලය කෙටි කිරීමක් සඳහා ඵලදායී
නොවන වගත් ඒවායේ වැඩි දුරටත් සඳහන් කර ඇත.
මෙසේ සෙම්ප්‍රතිශ්‍යා කාලසීමාව හා එහි ප්‍රබලතාවය
මත විටමින් C අතිරේකය
මගින් විද්‍යාත්මක බලපෑමක් ඇති බව ඇතැම් පරීක්ෂණ හරහා තවුරු වුවද, එහි ප්‍රායෝගික වැදගත්කම
තහවුරු කිරීමට තවමත් අපොහොසත් බවත්, ඒ තුළින්
සෘජු අර්ථ දැක්වීමක් සිදු කිරීම දුෂ්කර තත්වයක පවතින බවත් අවසාන වශයෙන් එහිදී සඳහන්
කරඇත. ඒ අනුව ගත් කළ සෙම්ප්‍රතිශ්‍යාව
සඳහා විටමින් C වල ප්‍රතිශක්තිකරණ
ක්‍රියාකාරිත්වයේ කාර්යක්ෂමතාවය සොයා බැලීම සඳහා ඉහත කාරණා ඔස්සේ තවදුරටත් අධ්‍යනයන්
අවශ්‍ය බව පෙනී යයි. කෙසේ නමුත් මෙහි එන එකම වාසිය සෙම්ප්‍රතිශ්‍යා කාලසීමාව හා එහි රෝග
ලක්ෂණ අඩු කිරීම නම් එදිනෙදා ආහාර පාන වලින් ලැබෙන විටමින් C ගැන නොතකා අවුරුද්ද
පුරා ඒ වෙනුවෙන්
විටමින් C අතිරේකය ලබා
ගැනීම කිසිසේත්ම නොගැලපෙයි.
මෙසේ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා විටමින් C අතිරේකය භාවිතය පිළිබඳ දත්ත කැපීපෙනෙන සහායක් නොදක්වුවද, බොහෝ පුද්ගලයින් සෙම්ප්‍රතිශ්‍යාවක් දැනෙන විට අමතර පූර්වාරක්ෂාවක් ලෙස විටමින් C අතිරේකය භාවිතයට නිරායසයෙන් යොමු වෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍යායතනය විසින් පිරිමින් සඳහා දිනකට විටමින් C 90mg ක් සහ කාන්තාවන් සඳහා 75mg ක් නිර්දේශ කර ඇති අතර පළතුරු සහ එළවළු වැනි සවභාවික ආහාර ප්‍රභවයන්ගෙන් මෙම විටමින් C ලබා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වඩාත් සුදුසු බව එහිදී පැවසේ.
ඒ අනුව ගත් කළ මහළු වියේ පසුවන පුදිගලයින්
සහ දුම් පානය කරන පුද්ගලයින් වැනි විශේෂිත තත්ත්ව සහිත සෙම්ප්‍රතිශ්‍යා රෝගීන් සඳහා පමණක් විටමින් C අතිරේකය ලබා ගැනීම
වැදගත් බැවින් අනෙකුත් බහුතරයක් දෙනා ඔවුන්ගේ ආහාර වේල තුලින් තමාට අවශ්‍ය දෙයිනික
විටමින් C ලබා ගැනීම
කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. නමුත්, විටමින් C අතිරේකයෙ හි අඩු පිරිවැය සහ සාපේක්ෂ ආරක්ෂාව සැලකිල්ලට ගෙන, සාමාන්‍ය ජනතාව අතර සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ට විටමින් C අතිරේකය ලබා
දීම අසාධාරණ නො වන
බවද ඇතැම් අවස්තාවන්හි ප්‍රකාශවී ඇත.
කෙසේ නමුත් මේ
වන විටත් සෙම්ප්‍රතිශ්‍යාව කෙරෙහි විටමින් C වල බලපෑම සඳහා බොහෝ අධ්‍යයනයන් සිදු කර ඇති
අතර සෙම්ප්‍රතිශ්‍යා තත්වය අඩුවීම කෙරෙහි විටමින් C මගින් සැලකිය යුතු සහායක් දක්වන බව එමගින්
තහවුරු වී නොමැත. එසේම, විටමින් C වල ඇති ප්‍රතිඔක්සිකාරක
ගුණ හේතුවෙන්, ඔක්සිකාරක ද්‍රව්‍ය
විනාශ කිරීම වැනි ප්‍රතික්‍රියා වලට සහභාගී වුවත් ,
විටමින් C පරිභෝජනය කිරීමේ
මට්ටම සෙම්ප්‍රතිශ්‍යාවට බලපාන බවද තවමත්
පහැදිලිව පෙන්වා දී නොමැත. ඒ අනුව ගත් කළ සමස්තයක් වශයෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැළැක්වීමට
හෝ ප්‍රතිකාර කිරීම සඳහා බහුලව විටමින් C අතිරේකය භාවිතා කළද ඒ
සදහා එහි සැළකිය යුතු දායකත්වයක් විද්‍යාඥයින් විසින් තවමත් පැහැදිලි ලෙස තහවුරු
කර ගෙන නොමැත.
✍️ චංචලී හිමාෂිකා
ආහාර හා පෝෂණවේදිනී
Stay Nourished- සුවැති දිවියකට පෝෂණීය මඟ





0 Comments